සීසන් එකෙන් ලංගමේ යන සිසුන්ට අලුත්ම නීතියක්.

Sri Lanka Sri Lankan Schools
By Wayomi Apr 25, 2023 09:16 AM GMT
Wayomi

Wayomi

Report

පාසල් වාර ප්‍රවේශ පත්‍රය ලබා ගෙන ලංගම බස් රථවල ගමන් කිරීම සම්බන්ධයෙන් දඹුල්ල ඩිපෝව විසින් නීති රෙගුලාසි කිහිපයක් පනවා තිබෙනවා.

ඒ, අනුව රැවුල වැවීම, කොණ්ඩය වර්ණ ගැන්වීම ආදී විලාසිතාවලින් හැඩ වී පාසල් වාර ප්‍රවේශපත්‍ර භාවිතා කර ලංගම බස් වල ගමන් කිරීමෙන් වළකින ලෙසයි දඹුල්ල ඩිපෝවේ කළමනාකරු පවසන්නේ.

ඔහු ඒ බව ප්‍රකාශ කර ඇත්තේ, ඩිපෝව තුළ, පාසල් වාර ප්‍රවේශ පත්‍රය ලබා දෙන ස්ථානයේ දැන්වීමක් ප්‍රදර්ශනය කරමින්

එලෙස රැවුල වැවීම, කොණ්ඩය වර්ණ ගැන්වීම ආදී විලාසිතාවලින් සැරසී පාසල් වාර ප්‍රවේශ පත්‍රය යටතේ ලංගම බස් රථයක ගමන් ගන්නේ නම් අදාළ පාසල් වාර ප්‍රවේශ පත්‍රය අත්අඩංගුවට ගැනීමට කොන්දොස්තරවරයාට බලය පවතින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

එලෙස ගමන් කරන සිසුවෙකුගේ පාසල් වාර ප්‍රවේශ පත්‍රය කොන්දොස්තර විසින් ලබා ගතහොත් අදාළ ළමුන් බස් රථයේ ගමන් කිරීමට නම් ප්‍රවේශ පත්‍රයක් ලබා ගත යුතු වනවා.

එමෙන්ම එලෙස නොකර ගමන් ගන්නා සිසුන් ජංගම පරීක්ෂක කණ්ඩායම්වලට හසු වුවහොත් දඩ මුදල් ගෙවීමට ද සිදුවන බවයි ඩිපෝ කළමනාකරු ප්‍රකාශ කර ඇත්තේ.

දඹුල්ල ඩිපෝ කළමනාකරු නිකුත් කර තිබූ නිවේදනය පහතින්. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


Gallery