අපරාධ මැඩපවත්වන්න නව බුද්ධි ඒකකයක්.

CID - Sri Lanka Police Sri Lanka Ministry of Defense Sri Lanka Sri Lankan Schools
By Hashini Nov 03, 2023 02:41 AM GMT
Hashini

Hashini

Report

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් පවසන්නේ ජාතික බුද්ධි ඒකකය සමඟ ඒකාබද්ධව නව සමාජ බුද්ධි ඒකකයක් පිහිටුවා එහි කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

එම නව බුද්ධි කොට්ඨාසය හරහා පාසල් පද්ධතිය තුළ සිදුවන විවිධ විෂමාචාර ක්‍රියා මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා පවසනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,

"අපි මේ වසර තුළ ජාතික බුද්ධි ඒකකයත්, ජාතික ශිෂ්‍ය භට බළකායත් සමග එකතුව සමාජ බුද්ධි එකකයක් පිහිටුවීමට තීරණය කළා. ඒ වැඩපිළිවෙල අපි මේ වසරේ ආරම්භ කළා. ඒ අනුව පාසල් තුළ සිදුවන අකටයුතුකම්, මත්ද්‍රව්‍ය උවදුර අවම කරන්න සහ නැති කරන්න වගේම මුලින්උපුටා දමන්න මේ බුද්ධි එකකය ඉවහල් කර ගැනීමට අපට හැකිවෙයි. ඒ වගේම ජාතික වීරයන් තරුණ පරපුර අතරින් බිහි කරන්න ජාතික වැඩපිළිවෙලක් ආරම්භ කළා." යනුවෙනි.

ReeCha