මුදල් අමාත්‍යාංශයෙන් නව ගැසට්ටුවක්.

Sri Lanka Ministry of Finance Sri Lanka New Gazette
By Hashini Nov 02, 2023 10:12 AM GMT
Hashini

Hashini

Report

ක්ෂුද්‍ර මුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පිහිටි වීම සඳහා වන පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.

මුදල් අමාත්‍යංශය සඳහන් කළේ මුදල් ණයට දීමේ සහ ක්ෂුද්‍ර මුල්‍ය ව්‍යාපාර නියාමනය කිරීම සහ ඒවායේ ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම මෙම පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණ වී තිබෙන බවයි.

මහා භාණ්ඩාගාරයේ ,මහා බැංකුවේ සහ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පත් වන්නේ නිල බලයෙන් වන අතර, මුදල් අමාත්‍යවරයාට සහ මහා බැංකු අධිපතිවරයාට නියෝජිතයන් දෙදෙනෙකු බැගින් හතර දෙනෙකු පත් කළ හැකි වෙනවා.

ඇතැම් ක්ෂුද්‍ර මුල්‍ය ව්‍යාපාර විසින් ලබා දුන් ණය ගෙවා ගැනීමට නොහැකි වූ ඇතැම් පිරිස් සියදිවි හානි කර ගැනීමට පවා යොමු වූ පුවත් පසුගිය සමයේ වාර්තා වී තිබෙනවා.

මෙම අධිකාරිය පිහිටු වීමෙන් පසු බලපත්‍ර නොමැතිව පුද්ගලයෙකුට මුදල් ණයට දීමේ ව්‍යාපාර සහ ක්ෂුද්‍ර ව්‍යාපාර පවත්වා ගෙන යාමට නොහැකි වනවා.

මෙම පනත සම්මත කිරීමෙන් පසු වරදක් සිදු කරනු ලබන පුද්ගලයෙකු මහේස්ත්‍රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කර වරදකරු වුවහොත් රුපියල් මිලියන 5 නොඉක්මවන දඩයකට හෝ අවුරුදු 5ක් නොඉක්මවන සිර දඬුවමකට යටත් කළ හැකි වෙනවා. 

ReeCha