අමෙරිකානු කොටස් වෙළඳපොළ අඛණ්ඩව පහත වැටෙයි

Report

මැදපෙරදිග යුද්ධ ගැටුම් හේතුවෙන් ලෝක ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ අමෙරිකානු කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු වේලාවෙන් ඊයේ (20) කොටස් වෙළෙඳපොළ වසා දමන විට ප්‍රධාන දර්ශක තුනම පහත වැටී තිබිණි.

ඒ අනුව:

  • Dow Jones කාර්මික දර්ශකය 1%කින් පහත වැටුණි.
  • S&P 500 දර්ශකය 1.5%කින් පහත ගියේය.
  • Nasdaq Composite දර්ශකය 2%කින් පහත වැටුණි.

මෙම සතිය තුළ අමෙරිකානු කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව සතියකට හතරවන වරටත් පහත වැටීම සුවිශේෂීය බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින්ට IPL NOC නිකුත් කිරීමට පෙර යෝග්‍යතා පරීක්ෂණ අනිවාර්ය කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින්ට IPL NOC නිකුත් කිරීමට පෙර යෝග්‍යතා පරීක්ෂණ අනිවාර්ය කරයි

මෙය මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම නිසා ආර්ථික වර්ධනයට ඇති බලපෑම්, උද්ධමන බිය සහ Federal Reserveගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ආයෝජකයන්ගේ අනුමානයන් වෙනස් වීම හේතුවෙන් සිදු වූ බව විශ්ලේෂකයෝ සඳහන් කරති.

එසේම, කුඩා සමාගම් දර්ශකය වන Russell 2000 ද 2%කට වැඩි ප්‍රමාණයකින් පහත ගොස් correction territory තුළට ඇතුළු වී ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය මැදපෙරදිග ගැටුම් තවදුරටත් දිගු වීමේ බියත් සමඟ බලශක්ති මිල ඉහළ යාම නිසා ගෝලීය ආර්ථිකයට ඇති බලපෑම් පිළිබඳ ආයෝජකයන්ගේ කනස්සල්ල වැඩි කර තිබේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 15ක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 15ක් අත්අඩංගුවට