වෙළෙඳාම ආයෝජන වර්ධනයට ශ්‍රී ලංකා–බංග්ලාදේශ සාකච්ඡා
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා ESCAP සැසිවාරය අතරතුර බංග්ලාදේශ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය Fakir Mahbub Anam මහතා සමඟ සාකච්ඡාවක නිරත වී තිබෙනවා .
මෙම හමුව ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දිගුකාලීන මිත්‍රත්වය හා ශක්තිමත් හවුල්කාරීත්වය නැවත තහවුරු කළ අතර, එය අන්‍යෝන්‍ය ගෞරවය හා පොදු කලාපීය අභිලාෂයන් මත පිහිටා දෙරටේ සමාජ, ආර්ථික, දේශපාලනික ප්‍රවනතාවන් වෙත නැඹුරුවූවක් වුණ බවයි සඳහන් වන්නේ.
SAARC සහ BIMSTEC වැනි කලාපීය වේදිකාවල අපගේ පොදු අවශ්‍යතා අවධාරණය කරමින්, වෙළෙඳාම, ආයෝජන හා සංචාරක ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව තවදුරටත් වර්ධනය කිරීමට ඇති අවස්ථා සම්බන්ධයෙන් අවධානයට යොමුවී තිබෙනවා.
තවද, ප්‍රාථමික වෙළෙඳ ගිවිසුමක් සඳහා ක්‍රියාත්මක වන උත්සාහයන් ඇතුළුව, ආර්ථික සම්බන්ධතා සඳහා ඇති හැකියාව පිළිබඳවද මෙහිදී අවධානය යොමුව ඇති බවයි සඳහන් වන්නේ.
දෙපාර්ශවයම රාජ්‍ය මට්ටමේ නිරන්තර සංවාදයේ වැදගත්කම අවධාරණය කළ අතර, ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම් සහ ආර්ථික කොමිෂන් වැනි ආයතනික ව්‍යුහයන් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවද මෙහිදී සාකච්ඡාය ලක් වී තිබෙනවා.