පාසල් 200ක් සම්බන්ධයෙන් ගත් අලුත්ම තීරණය මෙන්න.
School
Galle district
Dinesh gunawardhena
By Aruna
කාලීන ව සංවර්ධනය වෙන අධ්‍යාපනික නව ප්‍රවනතා හමුවේ මෙරට අධ්‍යාපන පද්ධතිය නවීකරණය කිරීම සඳහා ගාලු දිස්ත්‍රික් පාසල් 200ක් සඳහා සුහුරු පන්ති කාමර හා පරිගණක විද්‍යාගාර ඉදිකිරීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
මේ සඳහා "ඉහළ බලපෑමක් සහිත ප්‍රජා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම" මැයෙන් ඉන්දියාව සමඟ අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම යටතේ මූල්‍ය ප්‍රතිපාදන ලැබීමට නියමිතයි.
මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 300ක් ලබා දීමට ඉන්දීය ජනරජය එකඟතාව පළ කර බවයි වාර්තා වෙන්නේ.
ඒ සඳහා ඉන්දීය ජනරජය සමඟ අත්සන් කළ යුතු අවබෝධතා ගිවිසුම සම්බන්ධ ව අධ්‍යාපන අමාත්‍යාවරයා ගෙන ආ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
