මෙරට කාන්තාවන්ට සුබ ආරංචියක්..! අලුතින්ම කරන්න යන දේ..
මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ, කාන්තාවන් සඳහා ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීමේ පනත් කෙටුම්පත ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
එනම්, මෙරට කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් එය සිදුකරන බව මන්ත්‍රීවරිය සඳහන් කළාය. ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ, උක්ත පනත් කෙටුම්පතට අමතරව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිබඳ සහ කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පනත් කෙටුම්පත් ද්විත්වයක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සූදානම් බවයි.
නවසීලන්ත පාර්ලිමේන්තුවේ ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත මන්ත්‍රීවරියක වන වනුෂී වෝල්ටර්ස් මහත්මිය සමග සූම් (zoom) තාක්ෂණය ඔස්සේ පසුගියදා පැවති විශේෂ සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේ දී ඇය මේ බව සඳහන් කළා.
මෙහි දී තවදුරටත් අදහස් දැක්වූ ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසූවේ, වර්තමානයේ දී කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරය දරන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බවත් ලංකාවේ කාන්තාවන් සහ දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට ජනාධිපතිවරයා තුළ විශාල උනන්දුවක් පවතින බවත්ය.
