ආයුධයකින් පහර දී සිදු කළ බිහිසුණු මිනිස් ඝාතනය..
By krishani
කොටහේන, ආමර්වීදිය මහල් නිවාස සංකීරණය ළමා උද්‍යානය අසල දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇත.
ඊයේ(15) රාත්‍රී කාලයේ දී එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසන අතර එලෙස මියගොස් ඇත්තේ, 42 හැවිරිදි ආමර්වීදිය, මහල් නිවාස සංකීරණයේ පදිංචිකරුවෙකි.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.ඝාතනය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලිස්ථානය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |