ප්‍රධාන පාරකට පස් කන්දක් කඩා වැටේ..ගමනාගමනයට දැඩි බාධා..(PHOTOS)

NAVALAPITIYA LANDSLIDE PUDALU OYA RUWANPURA
By Sewvandhi Nov 10, 2021 10:30 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නාවලපිටිය, පුඩළුඔය ප්‍රධාන මාර්ගයේ රුවන්පුර ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට ඉහළින් වු පස් කන්දක් කඩා වැටී තිබේ. ඒ, හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (10) උදෑසන 11.30 සිට සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව වාර්තාකරු පැවසීය.

ප්‍රධාන මාර්ගයට පස් කන්ද කඩා වැටීමත් සමග මාර්ගයේ කොටසක්ද කැඩි ගොස් ඇති බව වාර්තා වෙයි. මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත්කිරීමේ කටයුතු නාවලපිටිය මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලය විසින් ආරම්භ කර තිබුණ ද, මාර්ගය කැඩිගොස් ඇති ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමට දින කිහිපයක් ගත වන බව පොලීසිය පැවසීය.

එම මාර්ගයේ ගමනාගමනා කටයුතු යළි යථා තත්ත්වයට පත්කරන තෙක් නාවලපිටිය සිට කලපිටිය සහ පුඩළුඔය ප්‍රදේශවලට පිවිසෙන රථ වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


Gallery