අවුරුදු විසි නමයකට පස්සේ ගෙදර ආපු කෙනාව දැකලා එයාලට මොනවා හිතෙන්න ඇතිද...

Missing Persons Sri Lanka Saudi Arabia
By Piyumika Sep 25, 2024 02:52 AM GMT
Piyumika

Piyumika

Report

වසර 29ක් පුරා කිසිදු තොරතුරක් නොමැතිව සෞදි අරාබියේ ගෘහ සේවයේ නිරතව සිටි මවක් යළි සිය දරුවන්ගේ නිවස සොයා පැමිණි පුවතක් වේයන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.

දාහත් හැවිරිදි තරුණයකුගේ වැරදුනු පාපතර කුරුමානම ..(VIDEO)

දාහත් හැවිරිදි තරුණයකුගේ වැරදුනු පාපතර කුරුමානම ..(VIDEO)

විදෙස්ගත වනවිට ඇගේ පුත්‍රයාට වයස අවුරුදු 13 සහ දියණියට අවුරුදු 12 ක් වූ අතර මේ වන විට ඔවුන් පසුවන්නේ 43 සහ 42 හැවිරිදි වයස්වලයි.

වාරියපොළ - හිඳගහවැව ප්‍රදේශයේ පදිංචි කමලාවතී නම් මෙම මව, 1995 වසරේ මැයි 17 වැනිදා සෞදි අරාබියේ ගෘහ සේවයට පිටත්ව ගොස් තිබුණි.

නව ජනපති මහ බැංකු අධිපතිත් හමු වේ..

නව ජනපති මහ බැංකු අධිපතිත් හමු වේ..

මාස හයක පමණ කාලයක් සැමියා සහ දරුවන් සමඟ ලිපි සහ දුරකථන මාර්ග ඔස්සේ සම්බන්ධතා පැවැත්වූ කමලාවතීගේ සියලු සබඳතා පසුව ඇණහිට ඇති අතර සිය බිරිඳට සිදුවූ දේ සොයා ගැනීම සඳහා සැමියා අවස්ථා කිහිපයකදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ගියද, ඇය පිළිබද තොරතුරක් ලබා ගැනීමට හැකි වී නැත.

පස්වන ශ්‍රේණියේ විභාග ගැටළුව ගැන දැන් ඇහෙන අලුත්ම කතාව..

පස්වන ශ්‍රේණියේ විභාග ගැටළුව ගැන දැන් ඇහෙන අලුත්ම කතාව..

පසුව ඔහු රෝගී තත්වයක් හේතුවෙන් 2009 වසරේදී මියගොස්  ඇති අතර එවැනි පසුබිමක වසර 29 කට පසු දිවයිනට පැමිණි ඇය ගුවන්තොටුපොළේ සහන පියසේ සහය ඇතිව වේයන්ගොඩ කළගෙඩිහේන ප්‍රදේශයේ දරුවන්ගේ නිවසට පැමිණ තිබේ.

ReeCha