හොරාට ගත්ත විදුලිය වැදී එක්දරු මව මරුට.(VIDEO)

Puttalam Sri Lanka Sri Lanka Electricity Prices Death
By Hashini Nov 08, 2023 06:09 AM GMT
Hashini

Hashini

Report

 පුත්තලම පුලිදිවාසල ප්‍රදේශයේ කාන්තාවක් විදුලි සැර වැදී මියගොස් ඇතැයි පුත්තලම මුලස්ථාන පොලීසිය පවසනවා.

පුලිදිවාසල ප්‍රදේශයේ පදිංචි කප්පමරික්කාරි සිත්ති සෆිකාන් නැමති 38 හැවිරිදි එක්දරු මවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ කාන්තාව පදිංචි නිවසේ රුපියල් 3,000ක විදුලි බිල ගෙවා දැමීමට නොහැකි වීම හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ සේවකයින් විසින් එය විසන්ධි කර තිබෙනවා.

මියගිය කාන්තාව සහ ඇගේ සැමියා ජීවිතය ගත කර ඇත්තේ කුලී වැඩ කරමිනි.

වැසි තත්ත්වය හේතුවෙන් ඔවුන්ට දෛනික ආදායම අහිමිවී යෑමෙන් විදුලි බිල ද ගෙවා ගැනීමට නොහැකි වී ඇත.

ඊයේ (07) මියගිය කාන්තාව අසල නිවසක කුලී වැඩකට යාමෙන් පසු නිවෙසට පැමිණ ස්නානය කිරීමට මීටර් කිහිපයක් දුරින් වූ මවගේ නිවසෙන් විදුලි වයරයක් තම ඉඩමේ ඇති විදුලි මෝටරයට සවිකර ඉන් ජලය පුරවා ගෙන තිබෙනවා.

නිවසේ ස්විචයට වයර් සවිකර අනෙක් කොටස රැගෙන යමින් සිටිය දී වැසි ජලයේ ස්පර්ශ වීමත් සමඟම ඇයට විදුලි සැර වැදීමට ලක්ව ඇත.

විදුලි සැර වැදීමෙන් බරපතළ තත්ත්වයේ පසු වූ ඇය පුත්තලම මහා රෝහලට ඇතුලත් කළද ඒ වන විටත් ඇය ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම ප්‍රදේශය පවතින වර්ශාවත් සමඟ ජලයෙන් යටවී පවතිනවා.

කෙසේවෙතත් ප්‍රදේශවාසීන් විසින් අදාළ හිඟ විදුලිබිල ගෙවා දැමීමට කටයුතු කර ඇති අතර ඊයේ (07) රාත්‍රිය වන විට එම නිවසට යළි විදුලිය ලබා දීමට විදුලිබල සේවකයන් කටයුතු කර තිබෙනවා.

පවතින විදුලිබිල දරා ගත නොහැකි මට්ටමක පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා.

මේ සියල්ල හමුවේ විදුලි බිල ගෙවා ගැනීමට අපොහොසත් වීම තුළින් කුඩා දරුවෙක්ට තම මව අහිමිව ගොස් අවසන්ය. 


ReeCha