එක් දරු මවක් කෲර ලෙස ඝාතනය කරයි...මුහුණ අඳුරගන්න බැරිවෙන්න උදැල්ලෙන් ගහලා [PHOTO]

Crime Law and Order Murder Latest Headlines Sinhala news
By Kaushi Jun 09, 2025 10:10 AM GMT
Kaushi

Kaushi

Report

කුලියාපිටිය පොලිසිය විසින් කුලියාපිටිය වල්පිටගම ජයකොඩිවත්ත ප්‍රදේශයේ නිවසකදී 45 හැවිරිදි කාන්තාවක් ඇගේ සැමියා විසින් ඝාතනය කර ඇති බව ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔහු විසින් බිරිඳට උදැල්ලකින් පහර දී මෙසේ ඝාතනය කර ඇත.

ජම්පරේ අඳින්න වෙයි කියලා බයේ, හිටපු ලොක්කෝ ගොඩක් සොක්කෝ වෙලා... ඉන්දියාවට ගිහිල්ලත් පුජා තියලා

ජම්පරේ අඳින්න වෙයි කියලා බයේ, හිටපු ලොක්කෝ ගොඩක් සොක්කෝ වෙලා... ඉන්දියාවට ගිහිල්ලත් පුජා තියලා

මෙම සිදුවීම ඉකුත්දා අඳාළ නිවසේදී සිදු තිබෙනවා. එසේම මේ වන විට සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ.

මිය ගොස් ඇත්තේ ඩී.එම්. චන්ද්‍රලතා නැමති ඇඟලුම් කර්මාන්තශාලාවක සේවය කළ එක් දරු මවක් බවට පොලිසිය වාර්තා කරයි.

එසේම ප්‍රදේශවාසීන් ලබා දුන් තොරතුරු අනුව සැකකරු ස්ථිර රැකියාවක් නිරත වී නැත.

ඒ අනුව මේ පිළිබඳව කළ මූලික විමර්ශනවලින් හෙළිව ඇත්තේ මෙය බීමතින් සිටි සැමියා හා බිරිඳ අතර ඇතිවූ වාග්වාදයක් දුරදිග යෑම නිසා හටගත් ගැටුමක් බවයි.

විලි ලැජ්ජාවේ බෑ...යානයට ගොඩවෙන්න ගිය ජනාධිපති ලෝකෙම ඉස්සරහ ඇදගෙන වැටිලා

විලි ලැජ්ජාවේ බෑ...යානයට ගොඩවෙන්න ගිය ජනාධිපති ලෝකෙම ඉස්සරහ ඇදගෙන වැටිලා

ගැටුම අතරතුර දී අඳාළ සැකකරු විසින් නිවස පිටුපස වැසිකිළිය අසලදී තම බිරිඳට උදලු පහරක් එල්ල කර ඇත. පොලිසිය වාර්තා කර ඇත්තේ එම පහරදීම නිසා කාන්තාව එහිදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එමෙන්ම මියගිය කාන්තාවගේ මුහුණ හඳුනාගත නොහැකි මට්ටමින් උදලු පහර එල්ල කර තිබූ බව ද පවසයි.

ඒ අනුව සැකකරු එම නිවස ඉදිරිපිටදීම අත්අඩංගුවට ගැනීමට පොලිසියට සමත්ව ඇත. මේ සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණ කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත් අනූෂා ස්වර්ණමාලි මහත්මිය පවත්වා තිබෙනවා.

ඒ අනුව මෘත දේහය කුලියාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කරන ලෙස නියෝග කර තිබෙන බව වාර්තා වේ. 

ළමයින්ව පරිස්සම් කර ගන්න...පාසල් සිසුන් පැහැරගෙන ගොස් අතරවර කරලා...අසභ්‍ය වීඩියෝ සමාජ මාධ්‍යටත් දාලා

ළමයින්ව පරිස්සම් කර ගන්න...පාසල් සිසුන් පැහැරගෙන ගොස් අතරවර කරලා...අසභ්‍ය වීඩියෝ සමාජ මාධ්‍යටත් දාලා

ReeCha