තරුණ මව සහ බිළිඳිය දියේ ගිලී අතුරුදන්...තවත් අයෙක් මරුට(VIDEO)

By Sewvandhi Dec 06, 2021 02:54 AM GMT
Report

පේරාදේණිය, කලුගමුව ප්‍රදේශයේදී මහවැලි ගඟේ දියනාමින් සිටි පුද්ගලයින් පස්දෙනෙකු දියේ ගිලී තිබේ. ඉන් එක් අයෙකු මියගොස් 20 හැවිරිදි කාන්තාවක් සහ 02 හැවිරිදි කුඩා දරුවෙකු අතුරුදන්ව තිබේ.

එකම පවුලේ මව සහ දියණිය එලෙස අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි. ඊයේ (05) සවස් කාලයෙදී එම අනතුර සිදුව ඇත. ප්‍රදේශවාසීන් එක් පුද්ගලයෙකු සහ පිරිමි ළමයෙකු බේරාගෙන ගම්පොළ රෝහලට ඇතුළත් කර ඇත.

මියගොස් ඇත්තේ, 20 හැවිරිදි මාපනාවතුර පැසේජ්, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අතුරුදන් වු අය සොයා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුම් කටයුතු සිදුකරන බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW