සජිත් ප්‍රේමදාස සහ බිත්තර නිෂ්පාදකයින් අතර හමුවක්...
By Parami Dissanayake
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ බිත්තර නිෂ්පාදකයින් අතර පැවති හමුවකදී ඔහු පවසා ඇත්තේ, බිත්තර නිෂ්පාදනය සඳහා ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ය.
ඒ මහතා සඳහන් කර සිටියේ, ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම තුළින් ඉහළ පෝෂණ මට්ටමක ජන සමාජයක් නිර්මාණය කරන බවත් පාසල් දරුවන්ගේ දිවා ආහාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ඒ තුළින් බිත්තර ඉල්ලුම ඉහළ යන බවත් ය.
වැඩිදුර අදහස් දක්වමින් එතුමා අවධාරණය කර සිටියේ, වර්තමාන රජයට දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙළක් නොමැති බවත් පාලකයන් සඳහා පමණක් අධිපෝෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන බවත් ය.