කුපිත වූ අයෙක් පොලිස් නිලධාරියෙක්ව සපා කා සිදුකළ දේ..

Report

පොලිස් නිලධාරියකුගේ අත සපා කා පලාගිය පුද්ගලයකු සොයා විමර්ශන ආරම්භ කර ඇති බව යාපනය පොලිසිය සඳහන් කළේ ය.

ඒ නල්ලූර් කෝවිල තුළ පැවැත්වෙන උත්සවයක් අතරතුර දී ය.

එහිදී කෝවිල තුළට පිවිසෙන මාර්ගය තේරු කරත්ත සඳහා පමණක් විවෘත කර තිබූ හෙයින් පොලිස් නිලධාරීන් විසින් යතුරුපැදිකරුවෙකු එම ස්ථානයෙන් හරවා යැවීමට උත්සාහ කර ඇත.

එයට කුපිත වූ යතුරුපැදිකරු නිලධාරියාගේ අත සපා කා නිලධාරියාට පහර දී පළා ගොස් තිබෙනවා.

එම පහරදීමෙන් තුවාල ලැබූ නිලධාරියා ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.


නවක වදය ගැන තීරණයක්?. - පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්..

නවක වදය ගැන තීරණයක්?. - පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්..