මවගේ අනියම් සැමියා පුත්‍රයා ඝාතනය කරයි.

crime Puttalam Madurankuliya Agulana Mundhalama
By Sewvandhi Oct 19, 2021 01:23 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මුන්දලම පොලිස් වසමේ මදුරන්කුලිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී සිදු කළ මනුෂ්‍ය ඝාතනටයක් පිළිබඳ වාර්තා වෙනවා. මිය ගිය පුද්ගලයාගේ මව අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇති අතර, පොලිස් විමර්ශනවලට අනුවනාවරණය වී ඇත්තේ, මවගේ අනියම් සැමියා විසින් මෙම මනුෂ්‍ය ඝාතනය සිදු කර ඇති බවයි.

මරණකරු වයස අවුරුදු 28ක මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පශ්චාත් මරණ පරීක්ෂණට සඳහා මෘත ශරීරය පුත්තලම මූලික රෝහලේ තබා ඇත් අතර, මුන්දලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ඇති.

මේ අතර, අඟුලාන පොලිස් වසමේ සරසවි පෙදෙස ප්‍රදේශයේ ද තියුණු ආයුධයකින් පහර දී සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් වාර්තා වෙනවා. සොහොයුරියගේ ස්වාමියා හා මරනකරු අතර ඇති වූ පවු ආරවුලක් දුරදිග යාමෙනුයි මෙම ඝාතනය සිදු කර ඇත්තේ.

මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 40ක අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අඟුලාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ඇති.

------------------------------------------------

පොලීසියෙන් විශේෂ ඉල්ලීමක්-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now