මැයි 05 වැනි දින රාත්‍රී අහස ගැන හැමෝම අවධායෙන් ඉන්න..එදාට සිදුවන දේ මෙන්න..

Sri Lanka Weather
By Aruna Apr 30, 2023 01:07 AM GMT
Aruna

Aruna

Report

2023 වර්ෂයේ, වෙසක් පුර පසළොස්වක පොහොය දින සහ ඊට පසුදින උප ඡායා චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර වෙබ් අඩවිය සඳහන් කරනවා.

එම උප ඡායා චන්ද්‍රග්‍රහණය ආසියාව, දකුණු සහ නැගෙනහිර යුරෝපය, පැසිෆික්, අත්ලාන්තික් සහ ඉන්දියන් සාගරයේ ඇතැම් ප්‍රදේශවලට දිස්වන බවයි එම වෙබ් අඩවියේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඒ අනුව ලබන පස්වනදා(05) පස්වරු 8.44 ට ආරම්භ වී ඊට පසුදින අලුයම 1.1 දක්වා පැය 4 යි විනාඩි 18 ක කාලයක් එය දිස්වන බවයි ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now