උසස් පෙළ සිසුන්ට සුබ ආරංචියක්.

Education School University A/l students Exam department
By Aruna Sep 29, 2021 03:29 AM GMT
Aruna

Aruna

Report

නොවැම්බර් මාසයේ දී විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ කළා.

වයස අවුරුදු 20ත්, 30ත් අතර සිසුන්ට එන්නත් ලබා දී අවසන් කිරීමට රජය ලබන මාසය අවසන් වීමට පෙර කටයුතු සූදානම් කර ඇති බැවින් නොවැම්බර් සිට විශ්වවිද්‍යාල විවෘත කිරීමට හැකි වනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම පසුගිය වසරේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නා කඩඉම් ලකුණු සති දෙකකින් නිකුත් කරන බව ද සභාපතිවරයා කියා සිටියා.

මේ අතර, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම්, අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද පාසල් විවෘත කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද ඔහු අදහස් පළ කළා.

අදියර හතරකින් පාසල් විවෘත කිරීමට සූදානම වන බවත් එය ඔක්තෝම්බර් අවසන් වන විට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව පළමු අදීරයේ දී ළමුන් 200ට අඩු පාසල් වන 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ආරම්භ කිරීමටත් , දෙවන අදීරය ලෙස ළමුන් 200ට අඩු සියලු පාසල් විවෘත කිරීමටත් , තුන්වන අදීරයේ දී සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ශ්‍රේණි ආරම්භයටත් අවසන් අදීරයේ දී සියලු පාසල් විවෘත කිරීමට අපේක්ෂා කර බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha