උසස් පෙළ විභාගය පවත්වන කාලය ගැන විශේෂ පණිවුඩයක්...සියලු විභාග වෙනස් වෙයි..?

Ministry of Education A D Susil Premajayantha Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination G.C.E. (O/L) Examination
By Aruna Feb 09, 2024 06:13 AM GMT
Aruna

Aruna

Report

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කරන පරීක්ෂකවරුන් සඳහා ඉකුත් වර්ෂයේදී මෙන් ම මෙම වර්ෂයේදීත් අදාළ දීමනාව ගෙවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අවධාරණය කර සිටිනවා.

එබැවින් අමාත්‍යවරයා කියා සිටියේ, එම පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු මේ වන විට නිසි පරිදි පවත්වාගෙන යන බවයි.

මේ අනුව, උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු නියමිත කාලයේදී අවසන් කරගත හැකි වුවහොත් 2024 උසස් පෙළ විභාගය එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්විය හැකි බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ.

කෙසේවෙතත්, දීමනා ගැටලුවක් මුල් කර ගනිමින් උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කරන පරීක්ෂකවරුන් ඉකුත්දා එම කටයුතුවලට සහභාගී වීමෙන් ඉවත් වී තිබුණා.

ReeCha