කොළඹ නව ප්‍රධාන මහාධිකරණයට විනිසුරුවරයෙක්
කොළඹ මහාධිකරණයේ නව තනතුරක් වෙනුවෙන් පුද්ගලයකු නම්කර තිබේ.ඒ අනුව කොළඹ මහාධිකරණයේ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා ලෙස මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න පත්කර තිබේ. කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ ආදිත්‍ය පටබැඳිගේ අභියාචනාධිකරණයට උසස් වීමක් ලැබුවේය.
ඒ අනුව ඇතිවූ පුරප්පාඩුව මත එම තනතුරට මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න පත්කර තිබේ. ඊට අමතරව කොළඹ මහාධිකරණයේ අංක දෙක ශාලාවේ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ නවරත්න මාරසිංහ සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරුවරයා වශයෙන් පත්කර ඇත.
එසේම රත්නපුර මහාධිකරණ විනිසුරුවරිය වශයෙන් කටයුතු කළ ලංකා ජයරත්න, ගම්පහ මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ සහන් මාපා බණ්ඩාර සහ ඉන්දිකා කාලිංගවංශ කොළඹ මහාධිකරණයේ විනිසුරුවරු වශයෙන් පත් කරනු ලැබ සිටිති. අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු විසින් මෙම පත්කිරීම් සිදුකරනු ලැබ තිබේ.