ශ්‍රී ලංකාවට විශිෂ්ට පාපන්දු ජයක්

By Mithu Jun 10, 2025 04:35 PM GMT
Report

2027 වසරේ පැවැත්වෙන ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තුන්වැනි වටයේ, සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අද (10) සමත්වුණි.

Mask එකක් දැන් රු.50ක්! වෙළඳසැල් හිස්, ජනතාව බියෙන්..

Mask එකක් දැන් රු.50ක්! වෙළඳසැල් හිස්, ජනතාව බියෙන්..

ඒ, චීන තායිපේ කණ්ඩායම ගෝල 3ට 01ක් ලෙස පරාජය කරමිනි. මෙහිදී ශ්‍රී ලංකාව දෙවන අර්ධයේ මිනිත්තු 9ක් තුළ ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීම කැපී පෙනුනි. ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තුන්වැනි වටයේ ශ්‍රී ලංකාව සහ චීන තායිපේ කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වුණේ ඩී කාණ්ඩය යටතේය.

චිකුන්ගුන්යා ද? - ඇඟපත වේදනාවට වේදනා නාශක ගත්තොත් ප්‍රතිඵලය දරුණුයි

චිකුන්ගුන්යා ද? - ඇඟපත වේදනාවට වේදනා නාශක ගත්තොත් ප්‍රතිඵලය දරුණුයි

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 200 වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව මෙලෙස ක්‍රීඩා කළේ තමන්ට ස්ථාන 34ක් ඉදිරියෙන් සිටිමින් 166 වැනි ස්ථානයේ පසු වූ චීන තායිපේ කණ්ඩායමට එරෙහිවය.