“..මම එයාට ආදරෙයි.. මාස තුනක් අපි .... හිටියේ..” - පිරිමියෙකුගේ වෙස්ගෙන සිසුවියක් පැහැරගෙන ගොස් අපයෝජනය කළ 18 හැවිරිදි තරුණිය..

DAMBULLA MATARA GALEWELA POLICE
By Sewvandhi Nov 18, 2021 11:37 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පිරිමියෙකුගේ වෙස් වලාගෙන බාලවයස්කාර දැරියක් පැහැරගෙන මාස තුනක් තිස්සේ අපයෝජනයට ලක්කළා කියන 18 හැවිරිදි තරුණියක් පිළිබඳ පුවතක් දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙම සැකකාර තරුණිය රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමටයි පසුව නියෝග කෙරුණේ.

අදාළ දැරිය ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර මේ දැරියව තවත් තරුණියක් විසින් පැහැරගෙන ගිය බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා. "අපේ කෙල්ලව අරන් ගිහින්.. අපිට සැක අර කෙල්ලව.. ඒකි පිරිමියෙක් වගේ හැසිරීම.. පිරිමියෙක් වගේ පෙන්නුවාට පිරිමියෙක් නෙවෙයි.."

අනතුරුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව තරුණියන් දෙදෙනා මාතර ප්‍රදේශයේ මුහුදු වෙරළක රැඳි සිටියදී සොයා ගැනීමට පොලිසියට හැකි වුණා. මොවුන් දෙදෙනා ගලේවෙල පොලිසියට භාර දීමෙන් අනතුරුව ප්‍රකාශ සටහන් කරගෙන දඹුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

පොලිස් පරීක්ෂණවලදී හෙළි වූ ආකාරයට මෙම තරුණිය විසින් අදාළ දැරිය මාස තුනක් තිස්සේ රඳවාගෙන අපයෝජනය කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW