මාතර සිට 15 හැවිරිදි දැරියක් සොයාගෙන ගෙදරට ගිය තරුණයා දැරියට කළ අපරාදය මෙන්න..
වයස අවුරුදු 15ක වයසැති බාල වයස්කාර දැරියක් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු සැකකරුවෙක් ලබන 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරිය විසින් පෙරේදා (24) නියෝග කළා.
දිවුලපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ සැකකරු මාතර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි පැවසෙන්නේ.
සැකකාර තරුණයා අදාළ බාලවයස්කාර 15 හැවිරිදි දැරිය මුහුණු පොත ඔස්සේ හඳුනාගෙන ඇති අතර, පසුව දැරියගේ ඉල්ලීම මත තරුණයා මාතර ප්‍රදේශයේ සිට දිවුලපිටිය ප්‍රදේශයට ඇයව මුණගැසීමට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
එලෙස පැමිණි තරුණයා දැරිය හමුවී ඇය පදිංචිව සිටි කිරි අම්මාගේ නිවසට ගොස් දින කිහිපයක්ම එම නිවසේ රැඳී සිට ඇති බවයි පොලිසියට කරුණු අනාවරණය වී ඇත්තේ.
තම දියණිය නාඳුනන තරුණයකු සමඟ ඇයගේ කිරි අම්මාගේ නිවසේ රැඳීසිටින බවට දැරියගේ මවට ලද තොරතුරක් මත, මව විසින් ඒ පිළිබඳව දිවුලපිටිය පොලීසියට පැමිණිල්ලක් කර ඇත.
එම පැමිණිල්ලට අනුව සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි ඔහු පෙරේදා (24) දින මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත්තේ.
ලිංගික අපයෝජනයට ලක් වූ බව කියන දැරිය මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව මව භාරයේ පසුවන බවට ද අධිකරණයේ දී වැඩිදුරටත් කරුණු අනාවරණයවී තිබේ.
දැරියගේ පියා ඔවුන්ව අතහැර ගොස් ඇති බවත් මව කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිටින බැවින් දැරිය දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කිරි අම්මා භාරයේ හැදී වැඩී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |