පුද්ගලයින් පිරිසක් මෙරට ඇඟලුම් සේවිකාවන්ගේ බස් රථයක් පැහැර ගැනේ..?

By Sewvandhi Dec 04, 2021 03:22 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හෙරොව්පොතාන අලුත් ඔය ප්‍රදේශයේදී බස් රථයක් පැහැරගෙන යමින් සිටි සැකකරුවන් 06 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ පැහැරගෙන ඇත්තේ ඇගලුම් සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් බවයි පොලීසිය පැවසුවේ.

අදාළ සැකකරුවන් පිරිස වෑන් රථයකින් පැමිණ ඇති අතර බස් රථයේ රියදුරුද සමගින් බස් රථය පැහැර ගෙන ගොස් තිබූ බව පොලිසිය සදහන් කළා.

සැකකරුවන් වයස වයස අවුරුදු 37, 39, 41, 42, 48 සහ 50 වයස්වල පසුවන බිංගිරිය හා වීරඹුගෙදර ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් අද කැබිතිගොල්ලෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

හෙරොව්පොතාන පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW