හදිසි ගංවතුර තත්ත්වයක් පිලිබඳ දැනුම්දීමක්...

By Parami Dissanayake May 27, 2024 06:24 PM GMT
Report

කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයේ සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

අද පස්වරු 6 වනවිට කුඩා ගඟේ ජල මට්ටම මීටර් 6.53ක් දක්වා ඉහළගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ ය.

හදිසි ගංවතුර තත්ත්වයක් පිලිබඳ දැනුම්දීමක්... | A Flash Flood Alert

එම ජල මට්ටම මීටර් 8ක් ඉක්මවා ගියහොත් එය මහා ගංවතුර තත්ත්වයක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ පවතින වැසි තත්ත්වයත් සමග මගුරු ගඟේ ජල මට්ටම ද ඉහළයමින් පවතින බවය.

කොළඹ අධි අවදානම් ගස් ඉවත් කිරීමේ තීරණයක්...

කොළඹ අධි අවදානම් ගස් ඉවත් කිරීමේ තීරණයක්...

ඊට අමතරව ගිං සහ නිල්වලා ගංගාවල ජල මට්ටම් ද තවදුරටත් ඉහළයමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.