කොළඹ අධි අවදානම් ගස් ඉවත් කිරීමේ තීරණයක්...
By Parami Dissanayake
අද (27) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේ, කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ පවතින අධික අවදානම් සහිත ගස් කපා ඉවත් කරන බවත්, ගස්වල ඇති අවදානම් අතු ඉවත් කිරීමට අදාළව උපදෙස් ලබා දී ඇති බවයි.
ඔහු මේ බව කියා සිටියේ පවතින අපදා තත්ත්වය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර පිළිබඳ දැනුවත් කිරීම සඳහා ය.
එමෙන්ම, ඉවත් කිරීමට යෝජිත ගස් වෙනුවට ආදේශක ලෙස නගරයට ගැළපෙන හා මාර්ගවලට මෙන්ම ජනතාවට අවහිරයක් නොවන පරිදි ගස් සිටුවීම සඳහා අදාළ ස්ථාන තෝරා ගැනීමට ද උපදෙස් ලබා දී ඇති බව ඔහු පවසා ඇත.
ඒ අනුව, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය හා කොළඹ නගර සභාව විසින් මෙම ගස් ඉවත් කිරීමේ කටයුතු සිදු කරනු ලබයි.