දරුවන් 600කට පියෙක් වූ පුද්ගලයෙක් හමුවෙයි..කාන්තාවන් විශාල ප්‍රමාණයකට වෙච්ච දේ..

By Aruna Apr 30, 2023 01:47 AM GMT
Report

තම ශුක්‍රාණු පරිත්‍යාග කිරීම හරහා දරුවන් විශාල සංඛ්‍යාවක් බිහි කිරීමට දායක වූ නෙදර්ලන්ත ජාතිකයෙකුට එරට අධිකරණයෙන් තහනමක් පනවා තිබෙන බව විදෙස් වාර්තා පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම පුද්ගලයා මේ වනවිට සිය ශුක්‍රාණු පරිත්‍යාග කරමින් බිහි කර ඇති දරුවන් සංඛ්‍යාව 550කට අධික බවයි.

මෙම දරුවන් බිහි කිරීම සඳහා ඔහු විසින් ලබාදෙන සහාය වහාම නවත්වන ලෙසට අධිකරණය මගින් නියෝගයක් ද නිකුත් කර තිබේ.

41 හැවිරිදි ජොනතන් නමැති මෙම පුද්ගලයා යළිත් සිය ශුක්‍රාණු පරිත්‍යාග කිරීමට උත්සහා කරන්නේ නම්, ඔහුට එරෙහිව යුරෝ 100,000ක නැතහොත් පවුම් 88,000ක දඩ මුදලක් පැනවිය හැකි බවටයි එරට අධිකරණය නියෝග කර ඇත්තේ.

මෙම පුද්ගලයා මීට පෙර සිටම දරුවන් 100කට අධික සංඛ්‍යාවකට පීතෘත්වය දී ඇති බව 2017 දී හෙළි වී තිබුණා.

මෙම හෙළි වීමෙන් අනතුරුව නෙදර්ලන්තයේ සාඵල්‍යතා සායනවලට ශුක්‍රාණු පරිත්‍යාගය ඔහුට තහනම් කර ඇති බවටත් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

එහෙත් ඔහුට එම තහනම පැනවුණ ද, ඔහු විදේශයන්හි හා අන්තර්ජාලය හරහා අවශ්‍ය පුද්ගලයින් වෙත ශුක්‍රාණු පරිත්‍යාග කර ඇති බවටත් හෙළිව ඇති බව එරට වාර්තා පවසයි.

මේ හේතුවෙන් හේග් අගනුවර අධිකරණය විසින් නියෝග කර ඇත්තේ, ඔහු සිය ශුක්‍රාණු දුන් සියලුම සායනවල ලැයිස්තුවක් ලබාදෙන ලෙසත්, ඔහුගේ සියලුම පරිත්‍යාග ශුක්‍රාණු විනාශ කිරීමටත් කටයුතු කරන ලෙසයි.

එසේම මෙම පුද්ගලයා විසින් කාන්තාවන් බොහෝ ගණනක් නොමග යැවූ බවටත් හෙළිව තිබෙනවා. ලන්දේසි සායනික මාර්ගෝපදේශවල සඳහන් වන්නේ, ශුක්‍රාණු පරිත්‍යාගශීලියෙකු පවුල් 12ක දරුවන් 25කට වඩා පියා යන නාමය නොගත යුතු යන්නයි.

නමුත් විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ, 2007 වසරේ ශුක්‍රාණු පරිත්‍යාග කිරීමට පටන් ගත් දා සිට මේ පුද්ගලයා දරුවන් 550ත් 600ත් අතර ප්‍රමාණයක් බිහි කිරීමට උදව් කර ඇති බවයි.

මෙම පුද්ගලයාට අදාළ තහනම් නියෝගය අධිකරණය විසින් නිකුත් කර ඇත්තේ මේ හේතුවෙනුයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now