තවත් ප්‍රසිද්ධ කලාකරුවකුත් දිවි ගමනට සමුදෙයි

By Mithu Jun 04, 2025 08:40 AM GMT
Report

තවත් කලාවට අති මහත් සේවාවක් ඉටු කළ සුන්දර කලාකරුවක් සිය ජීවන ගමන නිම කරයි. එලෙස අභාවප්‍රාප්ත වනුවේ මෙරට සංගීත ක්ෂේත්‍රයට ඉමහත් සේවාවක් ඉටුකල මියුරු ගී තනු හා සංගීත නිර්මාන ශිල්පියෙකුවූ විශාරද චන්ද්‍රදාස බෝගොඩ  මහතායි.

මට දෙමළෙන් කතා කරන්න එපා කිව්වෙ ඇය! – අනුදිගේ තවත් රහසක් හෙළිවෙයි!

මට දෙමළෙන් කතා කරන්න එපා කිව්වෙ ඇය! – අනුදිගේ තවත් රහසක් හෙළිවෙයි!

ඔහු මියයන විට අවුරුදු අසූ අට වියේ පසුවුණා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරළ ගී ශිල්පියකු, සංගීත ගුරුවරයෙකු, සංගීත ඇධ්‍යක්ෂවරයෙකු, අධ්‍යාපන විද්‍යාපීඨ කථිකාචාර්‍ය වරයෙකු, ලේඛකයකු, ෂණායි වාදනයේ මෙරට ප්‍රථමයා සහ ප්‍රමුඛයා මෙන්ම ගායන ශිල්පිනී විශාරද ඉන්ද්‍රානි බෝගොඩ මහත්මියගේ වැඩිමහල් සහෝදරයා ද වෙනවා.

[SE8RRU2[

ඉන්ද්‍රානි බෝගොඩ මහත්මිය ගායනා කරන මගේ නීල නෙතුසඟලේ, පෙම්කළ වරදට, නීලවර්ණ නීල කොබෙයියෝ, සීත දිය රැල් සලා, මා ප්‍රිය හිමියනි වැනි මියුරු ගී රැසක තනු හා සංගීත නිර්මාපකයා වන්නේ චන්ද්‍රදාස බෝගොඩ මහතාය.

ඔහුගේ අවසන් කටයුතු හෙට දින මාතර පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

රැග් එකට තවත් ජීවිතයක් බිලි වෙන්න යද්දී නූලෙන් බේරුණු හැටි

රැග් එකට තවත් ජීවිතයක් බිලි වෙන්න යද්දී නූලෙන් බේරුණු හැටි