නිවාස ණය පොලී අනුපාතිකයේ පහළ යෑමක්. - නව පොළී අනුපාතිකයන් මෙන්න.
නිවාස ණය සඳහා බලපැවැත්වෙන පොලී අනුපාතිකයන් කැපී පෙනෙන පහළ යාමක් සිදුව ඇතිව බවයි වාර්තා වන්නේ.
ඒ, මේ වන විට වෙළෙඳපොළ ණය පොලී අනුපාතික පහළ යාමත් සමඟයි.
මේ අනුව නිවාස ණය පහසුකම් සැලසීම වෙනුවෙන් දිවයිනේ ප්‍රමුඛතම බැංකුවක් වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිය වෙබ් අඩවිය හරහා අනාවරණය කර ඇත්තේ, සිය නිවාස ණය යෝජනා ක්‍රමා සඳහා බලපවත්නා පොලී අනුපාතික 15% මට්ටමේ සිට ආරම්භ වන බවයි.
එමෙන්ම ලංකා බැංකුවේ නිවාස ණය පොලිය 15.5% ක ස්ථාවර පොලී අනුපාතිකයක මට්ටමේ සිට ආරම්භ කර ඇත.
මේ අතර පුද්ගලික අංශයේ බැංකුවක් වන සම්පත් බැංකුව පවසන්නේ 13.50% ක පාවෙන පොලී අනුපාතික මට්ටමක සිට සිය නිවාස ණය යෝජනා ක්‍රම ඇරඹෙන බවත්,
සෙලාන් බැංකුවේ නිවාස ණය යෝජනා ක්‍රම සඳහා අදාළ පොලී අනුපාතිකයන් 13% සිට ආරම්භ වෙන බවත් එම වෙබ් අඩවිය සඳහන් කර තිබෙනවා.
කෙසේ නමුත් ණය පොලී අනුපාතික සාපේක්ෂව පහළ ගිය ද ණය ඉල්ලුම සතුටුදායක ලෙසකින් මෙතෙක් වර්ධනය වී නොමැති බවයි වෙළෙඳපොළ ආරංචි මාර්ග නම් පවසන්නේ.
Sponsored By Sarrita Jewellery
-
NPP 6863186
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835
New Democratic Front
4.49% -
SLPP 350429
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840
All Other Parties
13.14%