දලයි ලාමාතුමාගේ අනුප්‍රාප්තිකයා කවුද?

Tibet Sinhala news SriLanka News - Gagana
By Hashini Jul 02, 2025 02:00 PM GMT
Hashini

Hashini

Report

එළැඹෙන ඉරුදින සිය 90 වන වියට පා තබන ටිබෙට් බෞද්ධ නායක 14 වන දලයි ලාමාතුමා සිය මිලියන ගනනක් වූ අනුගාමිකයන්ට පවසා ඇත්තේ තමන් පුනරුත්පත්තිය ලබන බවත් තමන්ට අනුප්‍රාප්තිකයෙක් සිටින බවත්ය.

දලයි ලාමාතුමා මේ බව පවසා ඇත්තේ සිය 90 වන ජන්ම දිනය සැමරීම සඳහා පැවති උත්සවයක් අතරතුරදී යි.

එමෙන්ම උන්වහන්සේ පවසා ඇත්තේ සිය උන්වහන්සේ විසින් ස්ථාපිතකරගත් භාරය "The Gaden Phodrang Foundation of the Dalai Lama" විසින් තම පුනරුත්පත්තිය හඳුනා ගැනීමට ඇති එකම අධිකාරිය සහ අයිතිය ඇති බවත්ය.

දලයි ලාමාතුමා වැඩිදුරටත් පවසා ඇත්තේ "ඔවුන් අතීත සම්ප්‍රදායන්ට අනුකූලව සෙවීමේ සහ පිළිගැනීමේ ක්‍රියා පටිපාටි සිදු කළ යුතුය ... මේ කාරණයට මැදිහත් වීමට වෙනත් කිසිවෙකුට එවැනි බලයක් නොමැති බවයි.

අස්වැසුමේ දෙවන අදියරේ සුදුසුකම් ලැබූ ලැයිස්තුව මෙන්න

අස්වැසුමේ දෙවන අදියරේ සුදුසුකම් ලැබූ ලැයිස්තුව මෙන්න

ටිබෙට් සම්ප්‍රදායට අනුව ජ්‍යෙෂ්ඨ බෞද්ධ භික්ෂුවකගේ ආත්මය ඔහුගේ මරණයෙන් පසු දරුවෙකුගේ ශරීරය තුළ නැවත ඉපදේ.

1935 ජූලි 6 වන දින ටිබෙටයේ ටක්ට්සර් හි ගොවි පවුලක උපත ලැබූ 14 වන දලයි ලාමාතුමා වයස අවුරුදු දෙකේදී 13 වන දලයි ලාමාගේ පුනරුත්පත්තිය ලෙස පිළිගෙන ඇති බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නින්ග් පවසා ඇත්තේ අනුප්‍රාප්තිකයාගේ අනන්‍යතාවය අනුමත කිරීම සිදු කරන්නේ චීනය විසින් බවත් එය සියවස් ගණනාවක් පැරණි චාරිත්‍රයක් හරහා චීනයේ සිදු කළ යුතු බවත්ය.

කොහෙන් ආවත් න්‍යෂ්ටික අනතුරු ගැන කළින්ම දැන ගන්න ලංකාවටත් පද්ධතියක්

කොහෙන් ආවත් න්‍යෂ්ටික අනතුරු ගැන කළින්ම දැන ගන්න ලංකාවටත් පද්ධතියක්

චීන පාලනයට එරෙහි අසාර්ථක නැගිටීමකින් පසු 1959 දී ටිබෙටයේ සිට ඉන්දියාවට පලා ගිය දලයි ලාමාතුමා චීනය සලකන්නේ බෙදුම්වාදියෙකු ලෙසය.

දලයි ලාමාතුමා මීට පෙර ද පවසා ඇත්තේ තම අනුප්‍රාප්තිකයා චීනයෙන් පිටත උපත ලබන බවත් බීජිං විසින් තෝරා ගන්නා ඕනෑම අයෙකු ප්‍රතික්ෂේප කරන ලෙස තම අනුගාමිකයන්ගෙන් ඉල්ලා සිටින බවත්ය.

මේ වන විට උන්වහන්සේ ලෝකයේ වඩාත්ම බලගතු ආගමික චරිතයක් ලෙස සැලකේන අතර බුද්ධාගමට එහා ගිය අනුගාමිකත්වයක් ඇති අතර 1989 දී නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබීය.

අස්වැසුමේ දෙවන අදියරේ සුදුසුකම් ලැබූ ලැයිස්තුව මෙන්න

අස්වැසුමේ දෙවන අදියරේ සුදුසුකම් ලැබූ ලැයිස්තුව මෙන්න

90 වැනි වියට පාතබන උන්වහන්සේ 21 වන සියවසේ අසමසම ගුරුවරයා ලෙසද පිදුම් ලැබ තිබේ.

අවිහිංසාව, අන්තර් ආගමික සංවාදය සහ ටිබෙට් සංස්කෘතිය ආරක්ෂා කිරීම සඳහා වූ කැපවීම සඳහා 14 වන දලයි ලාමාතුමා ප්‍රසිද්ධව පවති.

එමෙන්ම ටිබෙට් බුද්ධාගමේ අධ්‍යාත්මික නායකයා සහ ටිබෙට් සංස්කෘතිය සහ නිදහස සඳහා ප්‍රමුඛතම ගෝලීය උපදේශකයා ලෙස ද සැලකේ.

විපක්ෂේ මතුගම දිනපු හැටි නලින්දගෙන් එළියට, මන්ත්‍රීලා නිවාස අඩස්සියේ දාන් ඉඳලා

විපක්ෂේ මතුගම දිනපු හැටි නලින්දගෙන් එළියට, මන්ත්‍රීලා නිවාස අඩස්සියේ දාන් ඉඳලා

උන්වහන්සේ 1950 දී පූර්ණ දේශපාලන බලය ලබා ගත් අතර චීන ආක්‍රමණය හේතුවෙන් 1959 දී ටිබෙටයෙන් පලා විත් ඉන්දියාවේ වාසය කළේය.

ඒ අනුව උන්වහන්සේ අඩ සියවසකට වැඩි කාලක් ටිබෙටයට ආගමික නායකත්වය ලබා දුන්නේ ඉන්දියාවේ හිමාලයානු නගරයක් වන ධර්මශාලාවේ සිටය.

 

ReeCha