අස්වැසුමේ දෙවන අදියරේ සුදුසුකම් ලැබූ ලැයිස්තුව මෙන්න

Report

 අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර සඳහා සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය මේ වනවිට නිවේදනය කර තිබෙනවා.

අදාළ නාමලේඛනය සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයවල දැන්වීම් පුවරුවේ සහ ග්‍රාම නිලධාරී සහ විෂය භාර ක්ෂේත්‍ර නිලධාරීන්ගේ කාර්යාලයවල දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කර ඇත.

එම නාමලේඛනය www.wbb.gov.lkයන සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිල වෙඩ් අඩවියේ ද පළ කර තිබෙනවා.

කොහෙන් ආවත් න්‍යෂ්ටික අනතුරු ගැන කළින්ම දැන ගන්න ලංකාවටත් පද්ධතියක්

කොහෙන් ආවත් න්‍යෂ්ටික අනතුරු ගැන කළින්ම දැන ගන්න ලංකාවටත් පද්ධතියක්

දෙවන අදියරේ තොරතුරු එක්රැස් කිරීමේදී ලබාදී ඇති තොරතුරුවල යම් වැරැද්දක්, වෙනස්කමක් තිබෙන බවට හැඟී යන සහ සුදුසුකම්ලාභින්ගේ නම් ලැයිස්තුවේ තමාගේ නම සඳහන් වී නොමැති අයදුම්කරුවන්ට අභියාචනාවක් ඉදිරිපත් කළ හැකිය.

අස්වැසුම 2 අදියර සඳහා මූලික අයදුම්පතක් ඉදිරිපත් කළ ද නිවාස තොරතුරු එක්රැස් කිරීමට රජයේ ක්ෂේත්‍ර නිලධාරියෙකු තම නිවසට නොපැමිණියේ නම් එවැනි අයදුම්කරුවන්ටද අභියාචනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

අභියාචනා ගොනු කිරීමට පෙර සියලුම අභියාචනාකරුවන් නිවාස තොරතුරු එක් රැස් කිරීමේදී තම පවුල පිළිබඳ ලබාදුන් තොරතුරු IWMS දත්ත පද්ධතියට පිවිස නිරීක්ෂණය කළ යුතුය.

මාලිමා ආණ්ඩුවට පලු යන්න දෙහි කපන විමල්

මාලිමා ආණ්ඩුවට පලු යන්න දෙහි කපන විමල්

අභියාචනාකරුවන්ට/ විරෝධතා ඉදිරිපත් කරන්නන්ට www.wbb.gov.lkනිල වෙබ් අඩවියට පිවිස අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමේ මෙනුවට ඇතුළත් වී මාර්ගගත ආකාරයට තමා විසින්ම අභියාචනා / විරෝධතා ඉදිරිපත් කළ හැකිය.

මාර්ගගත ක්‍රමයට අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමේදී අයදුම්කරුවන්ට තමා අයත් ප්‍රදේශයේ විදාතා සම්පත් මධ්‍යස්ථානවල සහායද ලබාගැනීමට හැකියාව තිබෙනවා.

අර්චුනාට මන්ත්‍රී අසුන අහිමි වෙයිද? පෙත්සම විභාගයට අවසර

අර්චුනාට මන්ත්‍රී අසුන අහිමි වෙයිද? පෙත්සම විභාගයට අවසර