ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

Report

 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රකාශයට පත්කළ නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමහි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක 17වන ස්ථානයට පැමිණ තිබෙනවා.

ඔහු මෙම ස්ථානයේ රැඳී සිටින්නේ 31වන ස්ථානයේ සිට ස්ථාන 14ක් ඉදිරියට පැමිණීමෙනි.

මෙලෙස ඔහු ඉදිරියට පැමිණ ඇත්තේ බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියේ දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන්.

එහිදී ඔහු පළමු තරගයේදී ලකුණු 187ක් හා දෙවන තරගයේදී ලකුණු 158ක් ලෙස තරග දෙකේදීම ශතක රැස් කිරීමට සමත් වුණා.

උඹලා වගේ හිඟන්නෝ ගැන දුකයි අනුරට බැනපන් හැබැයි අදානිවත් ඉන්දියාවවත් ගැන කටක් හොල්ලන්න එපා, චන්දිමට එන ගර්ජන

උඹලා වගේ හිඟන්නෝ ගැන දුකයි අනුරට බැනපන් හැබැයි අදානිවත් ඉන්දියාවවත් ගැන කටක් හොල්ලන්න එපා, චන්දිමට එන ගර්ජන

ඔහු එම තරගාවලියේ වීරයා ලෙසද සම්මාන දිනාගත්තා.

මෙම පිතිකරණ ලැයිස්තුවේ එංගලන්තයේ ජෝ රූට් මෙහි පෙරමුණේ පසුවන අතර, එංගලන්තයේම හැරී බෘෘක් 2වන ස්ථානයේ පසුවෙනවා.

තෙවන ස්ථානය හිමිව ඇත්තේ කේන් විලියම්සන් හටයි,

මෙම ශ්‍රේණිගතකිරීමේ ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා පිතිකරුවා කමිඳු මෙන්ඩිස් වන අතර, ඔහු 9වන ස්ථානයේ රැඳී සිටිනවා.

''මගේ ඉංග්‍රීසිවලට හිනා වුනු අය දැන් විහිළුකාරයෝ වෙලා" - සජිත්

''මගේ ඉංග්‍රීසිවලට හිනා වුනු අය දැන් විහිළුකාරයෝ වෙලා" - සජිත්

ඉන් අනතුරුව දිනේෂ් චන්දිමාල් ද ස්ථාන 2කින් ඉදිරියට පැමිණ 13වන හිමිකරගෙන ඇත.

මේ අතර ඉන්දියාවේ ජස්ප්‍රිත් බුම්රා ටෙස්ට් පන්දු යවන්නන් අතර පෙරමුණ හිමිකරගෙන සිටින අතර, එහි ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා පන්දු යවන්නා වූ ප්‍රභාත් ජයසූරිය රැඳී සිටින්නේ 14වන ස්ථානයේය.

නව ශ්‍රේණිගතකිරීමට අනුව ඔස්ට්‍රේලියාව ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම වන අතර, දකුණු අප්‍රිකාවට එහි දෙවන ස්ථානයත්, එංගලන්තයට තෙවන ස්ථානය හා ඉන්දිදියා සිව්වන ස්ථානය හිමිව ඇත.

එමෙන්ම නවසීලන්තය 5වන ස්ථානය හිමිකරගන්දී, ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 6වන ස්ථානයයි.

ශ්‍රී ලංකාවට පසුපසින් පාකිස්තානය (7), බ.ඉ. කොදෙව් (8) හා බංග්ලාදේශය (9) පසුවනවා. 

කොහෙන් ආවත් න්‍යෂ්ටික අනතුරු ගැන කළින්ම දැන ගන්න ලංකාවටත් පද්ධතියක්

කොහෙන් ආවත් න්‍යෂ්ටික අනතුරු ගැන කළින්ම දැන ගන්න ලංකාවටත් පද්ධතියක්