උතුරු මෙක්සිකාවේ Guadalajara හි කැළෑ බද ප්‍රදේශයක තිබී එරට බලධාරීන් විසින් මිනිස් ශරීර කොටස් සහිත ගමන් මලු 45ක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එහි කාන්තාවන්ගේ සිරුර කොටස් ද එම ගමන් මලුවල ඇති බවට හඳුනාගෙන තිබෙනවා.
එහි පවතින සිරුරු සංඛ්‍යාව සොයා බැලීම සඳහා කටයුතු කරමින් සිටින අතර තවදුරටත් එම ස්ථානයේ මිනිස් ශරීර කොටස් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
මේ අතර, එම ගමන් මලු තුළ තිබී සොයාගත් මිනිස් ශරීර කොටස්වල අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා විමර්ශන ද ක්‍රියාත්මක කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |