නොසිතූ මොහොතක ක්‍රිකට් තරුවක් දේශපාලනයට.

Report

බංගලාදේශ ක්‍රිකට් තරුවක් වන ශකිබ් අල් හසන් 2024 දී පැවැත්වීමට නියමිත එරට මහමැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර ඇති බවත් ශකීබ් පාලක බංග්ලාදේශ අවාමි ලීගයෙන් මැතිවරණය සඳහා නාමයෝජනා ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අවාමි ලීගයේ සම ලේකම් බහ වුදීන් නසීම් මාධ්‍ය වෙත පැවසුවේ ෂකීබි ඊයේ (18) දිනයේ දී පක්ෂයෙන් නාමයෝජනා පත්‍ර ලබාගත් බවයි.

ඔහුගේ උපන් දිස්ත්‍රික්කය වන මගුරාහි හෝ ඩකා අගනුවරින් මැතිවරණය සඳහා තරග කරන අතරගමැතිනි ෂීක් හසීනාගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මණ්ඩලය විසින් ශකීබ්ගේ අපේක්ෂකත්වය තහවුරු කළ යුතු බවයි වාර්තා වන්නේ.