ලිංගික දර්ශන වීඩියෝකර අන්තර්ජාලයට මුදාහැරිය මෙරට ලාබාල තරුණ යුවලක් කැමරා සමග කොටු වෙයි..

Police spokesman Sri Lanka Police Sri Lanka Social Media Social Media
By Aruna Dec 25, 2023 07:43 AM GMT
Aruna

Aruna

Report

ලිංගික ක්‍රියාකාරකම් සිදුකරමින් ඒවා වීඩියෝ කර වෙබ්අඩවියකට මුදාහරිමින් මුදල් ඉපැයූ තරුණ යුවළක් රාගම ප්‍රදේශයේ දී පසුගිය දා පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ, මෙම යුවළ සම්බන්ධයෙන් රාගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස වෙත සිදුකළ දැනුම්දීමකට අනුවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 19 හැවිරිදි වියේ පසු වූ විවාහක තරුණියක් සහ ඇයගේ 24 හැවිරිදි ස්වාමිපුරුෂයා බවයි පැවසෙන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර තරුණිය රාගම, දඹුව ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන අතර සැකකරු කොළඹ, අයි.ඩී.එච් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

සැකකරු හමුදාවේ සේවය කර මේ වනවිට ඉන් ඉවත්ව සිටින අයෙන් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

සැකකාර ස්වාමිපුරුෂයා පවසා ඇත්තේ, නිසි ආදායම් මාර්ගයක් නොමැතිවීම හේතුවෙන් ඊට පිළියමක් ලෙස බිරිඳගේ මවගේ නිවසට ගොස් එහිදී මෙම දර්ශන වීඩියෝ කර ප්‍රසිද්ධ වෙබ්අඩවියකට එක් කිරීමට කටයුතු කළ බවයි.

මෙම යුවළ රැකියාවක් නොකර සැපවත්, විනෝදකාමී ජීවිතයක් ගත කිරීම සම්බන්ධයෙන් සැකසිතූ ප්‍රදේශවාසීන් විසින් මොවුන් සම්බන්ධයෙන් පොලිසියට දැනුම්දීමට කටයුතු කර ඇත.

ඒ, අනුවයි මොවුන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙහිදී ඔවුන් රැඳී සිටි නිවසේ තිබී මෙම කටයුත්ත සඳහා භාවිත කළ ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක්, වීඩියෝ කැමරාවක් ඇතුළු තවත් උපාංග කිහිපයක් සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ReeCha