මිරිහානේ දෙපිරිසක් අතර ගැටුමක් - පුද්ගලයෙක් ජිවිතක්ෂයට..
Sri Lanka Police
Sri Lanka
By krishani
මිරිහාන ගල්වල පාර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
ඒ තියුණු ආයුධයකින් පහර දීමෙන් ය.
ගැටුමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මිරිහාන ගල්වල පාර ප්‍රදේශයේම පදිංචිව සිටි 34 හැවිරිදි පුද්ගලයෙක් ය.
ගැටුමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත.
තියුණු ආයුධයෙන් පහරදුන් පුද්ගලයා මේ වනවිට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර මිරිහාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |