ගුද මාර්ගයට කම්පෙෂර් බටයක් ඇල්ලීමෙන් බඩවැල් පිපිරී 21 හැවිරිදි තරුණයෙක් මියයයි..

Sri Lanka Police Accident Death
By Aruna Mar 30, 2024 05:55 AM GMT
Aruna

Aruna

Report

මාබිම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක අලුත්වැඩියා අංශයේ සේවකයකුගේ ගුද මාර්ගයට විහිළුවට හුළං බටයක් (කම්පෙෂර් බටයක්) ඇල්ලීමෙන් ඔහුගේ බඩවැල් පිපිරී මියයාමේ අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

සපුගස්කන්ද පොලිසිය සඳහන් කළේ, මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පානදුර, අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙක් බවයි.

පසුගිය 25 වනදා ආයතනයේ සේවකයන් දෙදෙනෙකු විසින් විහිළුවට මෙම තරුණයාගේ ගුද මාර්ගයට කම්පෙෂර් බටයක් අල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ ඔහුගේ උදරයට හුළං පිරී අසාධ්‍ය තත්ත්වයෙන් එම තරුණයා රාගම රෝහලට ඇතුළත් කර ඇති බව ද වාර්තාවේ.

සපුගස්කන්ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ, එලෙස රෝහල් ගතකළ එම තරුණයා එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (28) රාත්‍රියේ මියගොස් ඇති බවයි.

සිද්ධියට සම්බන්ධ සැකකාර සේවකයින් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 18 හැවිරිදි වියේ පසුවන දෙදෙනෙක් බවයි පැවසෙන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාර සේවකයින් දෙදෙනා පසුගිය 26 වනදා මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

ReeCha