හිටපු නගරාධිපතිවරයකුගේ අමුතු ගංවතුර ආධාර..

Report

 රජයේ ප්‍රතිපාදනවලින් සකස් කර තිබූ ආහාර ද්‍රව්‍ය සහ වතුර බෝතල් ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට බෙදා දීමේදී රාජ්‍ය දේපළ අවභාවිත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ හිටපු නගරාධිපති එරංග සේනානායක මහතාට එරෙහිව බස්නාහිර පළාත් සභාව මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

විවාහ වූ කතුන් දෙදෙනෙක් ස්වාමියන් සහ දරුවන් එපා කියමින් එකට ඉදල මාට්ටු වෙයි..

විවාහ වූ කතුන් දෙදෙනෙක් ස්වාමියන් සහ දරුවන් එපා කියමින් එකට ඉදල මාට්ටු වෙයි..

ගම්පහ ප්‍රදේශයේ ගංවතුරෙන් අවතැන්වූ ජනතාවට ලබාදීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සූදානම් කළ කෑම සහ ගම්පහ නගර සභාව මිලදී ගෙන තිබූ වතුර බෝතල් බෙදා දීමට හිටපු නගරාධිපතිවරයා මැදිහත්වී එය ඔහුගේ පෞද්ගලික වියදමින් සිදු කළ සමාජ සත්කාරයක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කර ඇතැයි ද කියමින් ගම්පහ නගර සභාවේ හිටපු විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනකු විසින් ඒ පිළිබඳව බස්නාහිර පළාත් සභාවට පැමිණිලි කර ඇත.

අවතැන් ජනතාවට බෙදා දීමට සූදානම් කර තිබූ කෑම සහ වතුර බෝතල් ට්‍රැක්ටරයකින් ගෙන යමින් තිබියදී හිටපු නගරාධිපතිවරයා එම ට්‍රැක්ටරයට ගොඩ වී රියැදුරු පසුපසට යවා ඔහු රථය පදවා ගෙන ගොස් ජනතාවට කෑම බෙදා දී තිබෙන බව ද එමගින් ඔහු දේශපාලන වාසියක් ගැනීමට කටයුතු කර ඇතැයි ද කියමින් එම මන්ත්‍රීවරුන් බස්නාහිර පළාත් සභාවට කළ පැමිණිල්ලෙහි සටහන් වේ.

ආපදා සහන සේවා කටයුතුවලින් ග්‍රාම නිලධාරීන් ඉවත්වීමට සැරසේ..

ආපදා සහන සේවා කටයුතුවලින් ග්‍රාම නිලධාරීන් ඉවත්වීමට සැරසේ..

මෙලෙස රජයේ ප්‍රතිපාදනවලින් සකස් කළ කෑම සහ වතුර බෝතල් බෙදා දීමට හිටපු නගරාධිපතිවරයා බලහත්කාරයෙන් මැදිහත් වී ඇතැයි ද ඔහු නගර සභාවේ ට්‍රැක්ටරය බලහත්කාරයෙන් පදවා ගෙන යමින් රාජ්‍ය දේපළ අවභාවිත කර ඇතැයි ද එම විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනා පැමිණිලි කරයි.

මේ පිළිබදව කළ විමසුමකදී බස්නාහිර පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ එම පැමිණිල්ල සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන බවය.

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද වාසනාව..

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද වාසනාව..

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ නගර සභාවේ හිටපු නගරාධිපති එරංග සේනානායක මහතා සඳහන් කළේ අවතැන් ජනතාවට බෙදා දීමට සූදානම් කර තිබූ ආහාර සහ වතුර බෝතල් සඳහා තමන්ගේ පෞද්ගලික ධනය ද වැය කළ බවය. තමා ගමන් ගත් වාහනයට වතුර යෑම නිසා එය මග නතර වූ බව ද එම නිසා තමා නගර සභාවේ ට්‍රැක්ටර් රථයට ගොඩ වූ බව ද එරංග සේනානායක මහතා සඳහන් කළේය.

ප්‍රථම වතාවට චාල්ස් රජුගේ රුව සහිත මුදල් නෝට්ටු සංසරණයට...

ප්‍රථම වතාවට චාල්ස් රජුගේ රුව සහිත මුදල් නෝට්ටු සංසරණයට...

ගංවතුරෙන් අවතැන් ගම්පහ ජනතාවට සහන සැලසීමට තමා හැමවිටම කටයුතු කළ බව ද එය ඉවසාගත නොහැකි වූ විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනකු තමන්ට එරෙහිව බොරු පැමිණිලි කර ඇතැයි ද හිටපු නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.