ආපදා සහන සේවා කටයුතුවලින් ග්‍රාම නිලධාරීන් ඉවත්වීමට සැරසේ..

Report

හදිසි  ආපදාවන්ට ලක්වූවන් සඳහා සහන සැලසීමේදී දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට පමණක් ඉන්ධන දීමනාවක් ලබාදී ඇති බවත්, ග්‍රාම නිලධාරීන්ටද ඉන්ධන දීමනාවක් ලබාදීමට කටයුතු නොකළහොත් ආපදා සහන සේවා කටයුතුවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න පවසා සිටියේය.

අද සිට රට පුරා කාලගුණයේ විශේෂ වෙනසක්..

අද සිට රට පුරා කාලගුණයේ විශේෂ වෙනසක්..

බස්නාහිර, සබරගමුව, දකුණ යන පළාත්වල සියලු දිස්ත්‍රික්කවල හා පුත්තලම දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරුන්ට හදිසි ආපදා රාජකාරි කටයුතු සඳහා ඉන්ධන ලීටර් 100ක්ද, ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඉන්ධන ලීටර් 50ක්ද ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් 04 වැනිදා නිකුත් කර තිබේ .

නිරිත දිග මෝසම හේතුවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයයේ ඉකුත් 03 වැනිදා පැවැති සාකච්ඡාව අනුව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති අතර ආපදා අවස්ථාවලදී ජීවිත අවදානමද නොතකා කටයුතු කරන ග්‍රාම නිලධාරීන්ට අවම වශයෙන් ලීටර් 10 ක ඉන්ධන දීමනාවක්වත් ලබාදීමට රජය කටයුතු කර නැතැයිද ඔහු කීවේය.

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද වාසනාව..

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද වාසනාව..

ග්‍රාම නිලධාරීන්ට කිසිදු ජීවිතාරක්ෂක හෝ සෞඛ්‍යාරක්ෂිත උපකරණයක් මෙවලමක්,පහසුකමක් මෙතෙක් ලබාදී නොමැති බවත්, මේ සම්බන්ධව කිහිප අවස්ථාවකදීම ඉල්ලීම් සිදුකළද මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැති බවත් පවසමින් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් චතුරාණි පනාගොඩ විසින් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට පෙරේදා (04 වැනිදා) දිනැතිව ලිපියක්ද යවා ඇත.

ලංකාවම සංවේදී කළ, ඒ අහින්සක මල් කැකුළට අවසානයේ ඇත්තටම මොකද වුණේ?.

ලංකාවම සංවේදී කළ, ඒ අහින්සක මල් කැකුළට අවසානයේ ඇත්තටම මොකද වුණේ?.

මෙවැනි තත්ත්වයක් මත ඉදිරියේදී ආපදා සහන සේවා කටයුතුවලින් ග්‍රාම නිලධාරීන්ට ඉවත්වීමට සිදුවන බවද ජාතික සංවිධායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.