රන්ජන්ගේ මයික් එකට එරෙහිව පැමිණිල්ලක්

Report

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින රන්ජන් රාමනායක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ පක්ෂය මගින් මැතිවරණ නීති රීතීන් උල්ලංඝණය කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරන බව සදහන් කරමින් අපේ ජනබල පක්ෂය ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි ඒකකය වෙත ඊයේ  (29) පෙරවරුවේ පැමිණිල්ලක් බාරදී තිබෙනවා.

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද ආරම්භ වේ..

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද ආරම්භ වේ..

මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අපේ ජනබල පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම් නායක ජීවන් චතුරංග ශ්‍රීමාල් මහතා සදහන් කර සිටියේ, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ පක්ෂය මගින් මුදල් ලබාදීම ආදිය සිදු කරමින් කරනු ලබන නීති විරෝධී ක්‍රියාවන් සදහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් සියලු අපේක්ෂකයින් වෙනුවෙන් නීතිය සාධාරණව සලසා දෙන ලෙස ඉල්ලා සිටිමින් පැමිණිල්ල බාරදීම සිදු කළ බවත්ය.