කාසියක් නිසා වියට්නාමයම කැළඹෙයි.. (PHOTOS)

By krishani May 06, 2023 06:20 AM GMT
Report

දකුණු වියට්නාමයේ කහ ධජයේ රුව සහිත කාසියක් ඔස්ට්‍රේලියාව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වියට්නාමයෙන් දැඩි විරෝධයක් පළකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මෙම කාසිය සම්බන්ධයෙන් වියට්නාමය පවසා ඇත්තේ,  ද්විපාර්ශ්වික සබඳතාවල ධනාත්මක ප්‍රවණතා ප්‍රතික්ෂේප කරන බවත් එහි සංසරණය නතර කරන ලෙසත් ය.

මේ අතර, ඔස්ට්‍රේලියාව වියට්නාමයෙන් සිය හමුදා ඉවත් කර වසර 50ක් සපිරීම නිමිත්තෙන් මෙම සීමාසහිත ඩොලර් දෙකේ කාසිය නිකුත් කර ඇත්තේ.

මෙම කාසියේ ඉදිරිපස පැත්තේ දිවංගත දෙවන එලිසබෙත් රැජිනගේ රූපයක් ද පිටුපසින් UH-1H හෙළිකොප්ටරයක් ද ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN


GalleryGallery