කුසේදීම දරුවෙකු විකුණූ පහකට වැඩ වැරදියි.

Sri Lanka Police Sri Lanka
By Wayomi Apr 27, 2023 10:30 AM GMT
Wayomi

Wayomi

Report

මවක් තම එක් දිනක් වයසැති බිළිඳිය දරුකමට හදා ගැනීම සඳහා ඌරුබොක්ක ප්‍රදේශයේ යුවලකට විකුණා තිබෙනවා.

ඇය තංගල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි කාන්තාවක්.

පසුව දරුවා සාදා ගැනීමට දුන් යුවලගෙන් නැවත තංගල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි මව ගොස් දරුවා ලබා දෙන ලෙස ඉල්ලීම් කර ඇති අතර එහි දී ඇයගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අදාළ මව විසින් නව යුවලට එරෙහිව පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක් දමා තිබෙනවා.

එහි දී අදාළ යුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා.

පසුව ඔවුන්ගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ දරුවාගේ පියා බිරිය ගැබිණියක් වී මාසයකින් පමණ හැර යෑම නිසා දරුවාව හදා ගැනීමට නොහැකිව ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිළධාරිය දැනුවත් කර මෙම යුවළකට දරුවා ලබාදුන් බවයි.

දරුවා පිළිසිඳගෙන මාස පහක පමණ කාලයක සිට සායනවලට යාමට හා අනිකුත් පරික්ෂණ කටයුතු ඇතුළු සියලුම වියදම් දරුවා මිලදී ගත් යුවළ දරා ඇති බවටත් දරු ප්‍රසුතිය සඳහා මාතර නගරයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවත් මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

ඒ අනුව මෙම සිදුවීමට සම්බන්ධ බිළිඳා විකිණුවේ යැයි කියන මව ඇතුළුව සැකකරුවන් පස්දෙනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.    


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW