ප්‍රධාන දුම්රිය මාර්ගයේ පාලමක් කඩා වැටෙයි.

Sri Lanka Railways Accident Department of Railways Weather Railways
By Wayomi Jun 02, 2024 10:21 AM GMT
Wayomi

Wayomi

Report

වග සහ කොස්ගම දුම්රිය ස්ථාන අතර පාලමක් කඩාවැටීම හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනය වග දුම්රිය ස්ථානය තෙක් සීමා කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාරත්මේන්තුව දැනුම් දෙනවා.

...............................................................................................

මේ අතර මේ අනුව කළු ගඟ පිටාර ගැලීමෙන් බුලත්සිංහල - කළුතර මාර්ගය ඇතුළු ප්‍රධාන මාර්ග කිහිපයක් සහ නිවාස 300ක් පමණ ජලයෙන් යටවී ඇත.

එමෙන්ම නිල්වලා ගඟෙහි සියලු ජලමාපක ද සාමාන්‍ය ජල මට්ටම ඉක්මවා ගොස් ඇති අතර එහි පිටබැද්දර ප්‍රදේශය මහා ගංවතුර මට්ටමකට පත්ව තිබෙනවා.

මාතර දිස්ත්‍රික්කයේ ද නගර හා ගම් රැසක් යට වී ගමනාගමන කටයුතු ද අඩාල වී ඇති අතර විශේෂයෙන්ම අකුරැස්ස,පිටබැද්දර,දෙයියන්දර,මාකදුර,කඹුරුපිටිය,පලොල්පිටිය,කිරින්ද ,යටියන ආදී ප්‍රදේශ වල ගංවතුර තත්වය හට ගෙන ඇත.

මේ අතර රත්නපුර ප්‍රදේශයට පවතින අධික වර්ෂාපතනයත් සමඟ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටව තිබෙනවා.

රත්නපුර - කොළඹ ප්‍රධාන මාර්ගය ගැටහැත්ත පාලම අසලින් යටව ඇති අතර අයගම කලවාන මාර්ගයේ ස්ථාන කිහිපයකින් නාය යෑමකට ද ලක්ව ඇත.   


ReeCha