සොහොනක් අසල බිහිසුණු පිපිරීම් - 103ක් මියගොස් විශාල ගාණක් තුවාල ලබයි.. එකතු වූ පිරිස් සී සී කඩ දුව යයි.. (VIDEO)

Iran Accident Death Bomb Blast
By krishani Jan 03, 2024 03:31 PM GMT
krishani

krishani

Report

ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදා ජෙනරාල් Qasem Soleimani's ඝාතනය කර සිව්වන සංවත්සරය සමරණ මොහාතේ ඔහුගේ සොහොන අසල පැවැති උත්සවයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

සොහොනක් අසල බිහිසුණු පිපිරීම් - 103ක් මියගොස් විශාල ගාණක් තුවාල ලබයි.. එකතු වූ පිරිස් සී සී කඩ දුව යයි.. (VIDEO) | A Bomb Explosion In Iran

එම ප්‍රහාරය ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස වාර්තා වේ.

ඒ හේතුවෙන් ඇති වූ පිපිරීම් දෙකකින් පුද්ගලයින් 103ක් මියගිය බව ඉරාන නිලධාරීන් සඳහන් කළේ ය.

එමෙන්ම, එම ප්‍රහාරය හේතුවෙන් මේ වන විට තුවාල ලැබූ සංඛ්‍යාව 141ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට මාර්ගයක මළ සිරුරු කිහිපයක් දැක්වෙන වීඩියෝවක් ද අන්තර්ජාලය හරහා සංසරණය වේ.

2020 දී ඇමරිකාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මිය ගිය ඉරාන හමුදාවේ වැඩිම බලයක් හිමි අණ දෙන නිලධාරියා වන ජෙනරාල් Qasem Soleimani's මිය සැමරීමේ උත්සවයක කොටසක් ලෙස අද (03) සිය ගණනක් මිනිසුන් සොහොන් දෙසට ඇවිද ගොස් තිබෙනවා.

ජෙනරාල් Qasem Soleimani's අයතොල්ලා කමේනිට පසු ඉරාන පාලනයට සම්බන්ධ දෙවෙනි බලවත් පුද්ගලයා ලෙස හැඳින් වේ.

කෙසේ වෙතත්, ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා වෙත සෘජුව වාර්තා කරන කොඩ්ස් බලකාය 'විප්ලවීය හමුදාවේ' විශේෂ අංශයක් වන අතර එය මෙහෙය වූ කාසෙම් ජාතික වීරයෙකු ලෙස සඳහන් වේ.

වීඩියෝ දර්ශන - WION YouTube Channel


Sponsored By Sarrita Jewellery



ReeCha