සුසාන භූමියකින් හිටිහැටියේම වළ දැමූ මළ සිරුරක් අතුරුදන් වෙයි - මිනී පෙට්ටිය පමණක් රැඳි එහි සිදුවුණ දේ..
වව්නියාව - නෙළුන්කුලම - රාසේන්ද්‍රකුලම් සුසාන භූමියේ වළ දමා තිබූ මළ සිරුරක් අතුරුදන් වී තිබෙනවා.
ඒ දෙහැවිරිදි දැරියකගේ සිරුරක් වන අතර කිසියම් නාඳුනන පුද්ගලයින් විසින් ගොඩගෙන රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.
ලිංගරාජා දීපිකා නමැති දැරිය ගෙවත්තේ ක්‍රීඩා කරමින් සිටියදී ඥාති නිවසක් අසල තිබූ ජල ටැංකියකට වැටී තිබෙනවා.
ඒ පසුගිය අගෝස්තු 25 වැනි දා යි.
සිදු වූ එම අනතුරින් දැරිය දියේ ගිලී මියගොස් ඇති අතර ඇයගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු අගෝස්තු 27 වැනිදා මෙම පොදු සුසාන භූමියේ මිහිදන් කර තිබෙනවා.
මේ අතර ඇයගේ පියා බ්‍රහස්පතින්දා (07) සවස සුසාන භූමියට ගිය අවස්ථාවේ දී මිනී පෙට්ටිය පමණක් තබා දැරියගේ දේහය රැගෙන ගොස් ඇති බව දැක ඇත.
මෙලෙස මළ සිරුර පමණක් රැගෙන ගියේ කවුරුන් ද යන්න පිළිබඳව හෝ කුමන අරමුණකින් එසේ කළේ ද යන්න පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරු වාර්තා වී නොමැත.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් නෙළුම්කුලම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
