ඇඳේ ලී වැටේ සිරවූ මාස 07ක දැරියකට අත්වූ සංවේදී ඉරණම
Sri Lanka
Sri Lanka Police Investigation
Accident
By Sithumi
ඌව පරණගම මස්පන්න ගම්මානයේ නිවසක ඇඳක් වටා සවිකර තිබූ ලී වැටක සිරවීමෙන් මාස 07ක දැරියක් මියගොස් තිබේ. 4
මස්පන්න වෙලේකඩේ ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි හර්ෂණී මධුෂිකා නමැති වයස මාස 07ක මෙම දැරිය නිවසේ ඇඳෙන් වැටී ආවරණ ලී වැටේ සිරවීමෙන් එලෙස මියගෙස් ඇති බව වාර්තා වනවා.
දැරියගේ මව නිවසේ වැඩ කටයුතුවල නිරතවී සිට පසුව ඇය නිදා සිටි ඇඳ වෙත පැමිණ තිබූ අතර එහිදී මේ බව දැක ඇත. දැරියව එයින් මුදවාගෙන ඌව පරණගම වැවේගම රෝහලට ගෙන ගියාත් ඒ වනවිටත් දැරිය මියගොස් සිට ඇති බවද පොලීසිය කියයි.
දැරියගේ මෘතශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දියතලාව මූලික රෝහලට යොමු කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
