2022 අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබු සිසුන්ට අයදුම්පත් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව සැප්තැම්බර් මස 14 වන දින සිට මේ සඳහා අයදුම්පත් කැඳවීම සිදු කරන බව එම සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග පවසන්නේ.
මෙවර 2022/2023 අධ්‍යයන වර්ෂය සදහා විශ්වවිද්‍යාල සදහා අයදුම් කිරීමට සිසුන් 45,000ක පිරිසක් සුදුසුකම් ලබා ඇති අතර
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් හා අත්පොත බලයලත් පොත්හල් මගින් ලබාගත හැකියි.