මේ රාජ්‍ය සේවකයන්ගෙන් විශේෂ ඉල්ලීමක් - හේතුව මෙන්න

Report

විශේෂඥ වෛද්‍යවරුන් සඳහා මෙම වසරේදී නවසියයකට අධික පිරිසක් ස්ථාන මාරුවීම් ඉල්ලීම් කර ඇති බවට තොරතුරු ලැබී ඇත.

මෙම ඉල්ලීම් කළ පිරිසෙන් බහුතරයක් විශේෂඥ වෛද්‍යවරු වන අතර ඔවුන් කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර ආදී ප්‍රදේශවල රෝහල් සඳහා ස්ථාන මාරුවීම් ඉල්ලා තිබේ.

නාගොඩ රෝහල තුළ වෙඩිතැබීමක්

නාගොඩ රෝහල තුළ වෙඩිතැබීමක්

විශේෂඥ වෛද්‍යවරුන්ට අමතරව, සාමාන්‍ය වෛද්‍යවරුන් ද ස්ථාන මාරුවීම් ඉල්ලීම් කර ඇති අතර, ඒ පිළිබඳව ලැයිස්තුව සකස් කරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

තවද, මේ වන විට විශේෂඥ වෛද්‍ය පුරප්පාඩු ඇති රෝහල් සඳහා වෛද්‍යවරුන් යොමු කිරීමට අමාත්‍යාංශය ක්‍රියාත්මක වී ඇති අතර, විදේශ පුහුණුවීම් නිමකර මෙරටට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන් ද දුෂ්කර ප්‍රදේශවල පිහිටි රෝහල්වලට යොමු කිරීමට නියමිතය. ඉදිරි සති දෙකක කාලය තුළ මෙම ස්ථාන මාරුවීම් සිදු කරන බව අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

කොහුවල වෙඩි තැබීමක්

කොහුවල වෙඩි තැබීමක්