වසරකට ළමා පිළිකා රෝගීන් 900ක්.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසන්නේ වාර්ෂිකව ළමා පිළිකා රෝගීන් 900ක් පමණ හඳුනා ගැනෙන බවයි.
ළමා පිළිකා රෝගීන් සම්බන්ධයෙන් සෑම වසරකම සැප්තැම්බර් මාසයේ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මහතා සඳහන් කළේ.
උපතේ සිට අවුරුදු 19 දක්වා වයස් කාණ්ඩයේ ඇතිවන පිළිකා තමයි ළමා පිළිකා කියලා හඳුන්වන්නේ.
පිරිමි ළමුන් 471 දෙනෙක් සහ ගැහැණු ළමුන් 454 වශයෙන් අලුතින් ළමා පිළිකා රෝගීන් හඳුනාගෙන තිබෙනවා.
සෑම වසරකම වගේ රෝගීන් 800ක් 900ක් වගේ හඳුන ගන්නවා.
ළමා පිළිකා රෝගීන් ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ කරුණ තමයි බොහෝ පිළිකා ප්‍රතිකාර මගින් සුව කරගන්න පුළුවන්.
වැඩිහිටියන්ගේ පිළිකා සමග සැසදීමේදී ළමා පිළිකා 80%ක් 90%ක් සුව කරගැනීමේ හැකියාව තිබෙනවා.