ගැසට් කළ රෙගුලාසි සහ නියෝග 8ක් පාර්ලිමේන්තුවට යයි.

Report

ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත් කරනු ලැබූ නියමයන් ,රෙගුලාසි සහ නියෝග 8ක් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

?ඒ, නිෂ්පාදන බදු( විශේෂ විධිවිධාන )පනත යටතේ නිකුත් කළ නියමය,

?ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නිකුත් කළ නියමය,

?මුදල් පනත යටතේ නිකුත් කළ නියෝග,මෝටර් වාහන මත සුඛෝපභෝගී බද්ද පිළිබඳ නිවේදනය,

?ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත යටතේ නිකුත් කළ රෙගුලාසි,

?සුරා බදු ආඥා පනත යටතේ නිකුත් කළ සුරා බදු නිවේදන දෙකක් සහ,

?කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යටතේ නිකුත් කළ නියමයන් මෙලෙස පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ, මුදල් ,ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින්.